27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාල්ල බන්ධනාගාරයේ පැතිර යන රෝගය හඳුනා ගනී

ගාල්ල බන්ධනාගාරයේ පැතිර යන රෝගය හඳුනා ගනී

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන්නේ මොනින්ගොකොකල් නැමති රෝගයක් බව අනාවරණය වී තිබේ.

රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත් ඒ සඳහා කරාපිටිය රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධ ලබා දුන් බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසුරීය සඳහන් කළේය.

බන්ධනාගාරයෙන් පිටව ගිය රැඳවියන් හා ඔවුන් බැලීමට පැමිණි පිරිස් හඳුනාගෙන එම පිරිසට රෝගය වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව වෛද්‍යවරයා කියා සිටියේය.

රෝගය වැළඳුනු රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් රැඳවියන් 7ක් මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිටතට රැගෙන යාම සති 2 ක කාලයකට අත්හිටුවා තිබේ.