― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsනව රාජ්‍ය තාන්ත්‍රිකයින් ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දී තිබෙනවා.

ඉතාලි ජනරජය සහ ජර්මානු ෆෙඩරල් ජනරජය සඳහා නව තානාපතිවරුන් දෙදෙනෙක් පත්ව සිටින අතර මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය සඳහා නව මහ කොමසාරිස්වරයෙක් පත්ව සිටිනවා.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් පිළිගනු ලැබුවා.

අද අක්පත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහතින්,

Mr. Damiano Francovigh – Ambassador – designate of the Republic of Italy in Colombo. (දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා – තානාපති – ඉතාලි ජනරජය)

Mr. Andrew Patrick – High Commissioner – designate of the United Kingdom of Great Britain – Northern Ireland (ඇන්ඩෘ පැට්‍රික් මහතා – මහ කොමසාරිස් – මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය)

Dr. Felix Neumann- Ambassador – designate of the Federal Republic of Germany (ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහතා – තානාපති – ජර්මානු ෆෙඩරල් ජනරජය)

අක්ත පත්‍ර භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරයා සමඟ සුහද කතා බහක ද නිරත වුණා.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන ද මෙම අවස්ථාවට එක් සිටියා.