24.5 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබටහිර මුහුදේ කැස්බෑවන් මියයෑමට හේතුව සොයයි

බටහිර මුහුදේ කැස්බෑවන් මියයෑමට හේතුව සොයයි

බටහිර වෙරළ තීරයෙන් ඊයේ (22) මියගොස් සිටි කැස්බෑවන් හත්දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

සතියකට ආසන්න කාලයක් තුළ මෙලෙස මියගිය කැස්බෑවන් 12 දෙනෙකුගේ සිරුරු වෙරළට ගොඩගසා තිබියදී සොයාගත් බවයි වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව ඊයේ සොයාගත් කැස්බෑවන්ගෙන් පස්දෙනෙකු ගාලු මුවදොර වෙරළ තීරයටත්, අනෙක් කැස්බෑවන් දෙදෙනාගේ සිරුරු වැල්ලවත්ත සහ දෙහිවල වෙරළ තීරයටත් ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ.

පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු එම කැස්බෑ සිරුරු මිහිදන් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇති අතර මුහුදු අභ්‍යන්තරයේ සිදුවූ පිපිරීමක් මෙම මරණවලට හේතුව බවට සැකකරන බවයි වනජීවී සංරක්ෂක සංසදයේ ලේකම් පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ.