27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාර රැඳවියෙක් සන්තකයේ තිබී හෙරොයින් හමුවෙයි

බන්ධනාගාර රැඳවියෙක් සන්තකයේ තිබී හෙරොයින් හමුවෙයි

ඊයේ (22) සවස රැඳවියන් සිර මැදිරි තුළට දමන අවස්ථාවේදී කළ පරීක්ෂාවකදී රැඳවියෙකු ළඟ තිබී මත්ද්‍රව්‍ය බවට සැක කල හැකි කුඩා පාර්සල් හතරක් බන්ධනාගාර නිලධාරීන්ට හමුවී තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසියට දැනුම් දීමෙන් පසු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ එය පරික්ෂා කිරීමේදී එම පාර්සල් තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 40ක් සහ ගංජා මිලිග්‍රෑම් 3710 සොයාගෙන තිබේ.

මේ සම්බන්ධව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් ලබාගෙන බන්ධනාගාරය මගින් සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.