33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsව්‍යාජ මධ්‍යසාර ස්ටිකර් රජයේ රස පරීක්ෂකට

ව්‍යාජ මධ්‍යසාර ස්ටිකර් රජයේ රස පරීක්ෂකට

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොයා ගත් ව්‍යාජ මධ්‍යසාර ස්ටිකර් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වෙත තරාතිරම නොබලා දඬුවම් කිරීමට සූදානම් බවයි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

2016 වසරේ ඉදිරිපත් වූ අයවැය යෝජනාවක් අනුව මෙම ස්ටිකර් ක්‍රමවේදය ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ දී සුරාබදු ආදායම ඊට පෙර වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියන 19කින් ඉහළ ගිය බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මධ්‍යසාර නිෂ්පාදනයේ ද 11%ක වර්ධනයක් අත් කර ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණ කළේ.