23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅකුණු සැර වැදී දරුවෙක් ජීවිතක්ෂයට

අකුණු සැර වැදී දරුවෙක් ජීවිතක්ෂයට

අකුණු සැර වැදීමෙන් දෙහිඅත්තකන්ඩියේ 10 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ නවමැදගම, දියවිද්දාගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම දරුවා සහ ඔහුගේ බාල සොහොයුරා සිය පියා සමඟ කුඹුරේ අස්වැන්න නෙලීම සඳහා ගොස් ඇති බවත් අවස්ථාවේදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ඔවුන් දෙදෙනා කුඹුරට යාබදව කෝන් ගසක් මත ඉදිකර තිබූ පැළක නැග සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

හදිසියේම පැලට වැදුණු අකුණක් හේතුවෙන් මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මොහුගේ බාල සොහොයුරා ඇති වූ දැඩි කම්පනය හේතුවෙන් ප්‍රතිකාර සඳහා මහියංගණය රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් පොලීසිය පැවසීය.