32.2 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාල්ලට යැවිය යුතු රැඳවියන් අඟුණකොළපැලැස්සට

ගාල්ලට යැවිය යුතු රැඳවියන් අඟුණකොළපැලැස්සට

අධිකරණය විසින් ගාල්ල බන්ධනාගාරය වෙත යොමු කරන රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිරගොස් ඇති රෝගයක් හේතුවෙන් එම බන්ධනාගාරයේ කටයුතු සති දෙකක කාලයකට සීමා කිරීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව බලපිටිය, ඇල්පිටිය, ගාල්ල, උඩුගම සහ බද්දේගම අධිකරණවලින් බන්ධනාගාරගත කරන රැඳවියන් එලෙස අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කරන බවත් එම රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.