අප්‍රිකානු හා මැද පෙරදිග රටවල් සබැඳි ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදි කරුණු සාකච්ඡා කර තිබෙනවා.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන අප්‍රිකානු හා මැද පෙරදිග කළාප පිළිබඳ අංශයන්හි කාර්යභාරය සහ එම කළාපයන්ට අදාලව මෙරට රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
මෙම කලාපයන් හි ඇති රාජ්‍යන් ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලී ප්රතිපත්තියක පිහිටා කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කල නිලධාරීන් සඳහන් කළ අතර එම සබදතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි කාරක සභාවේ අදහස වූයේ.
එබැවින් ඒ සඳහා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙසද කාරක සභාව නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම විදේශයන්හි ස්ථාපිත ශ්‍රී ලංකා තානාපති / මහ කොමසාරිස් කාර්යාලවල වෙබ් අඩවි හරහා ශ්‍රී ලංකාව පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දීමේ සහ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී කරුණු අවධාරණය වුණා.
වැඩි ක්‍රය ශක්තියක් සහිත මැද පෙරදිග රටවල් වෙතින් සංචාරකයන් මෙරටට අකාර්ෂණය කර ගැනීම මෙරට සංචාරක ක්ෂේත්රයේ ප්රගමනයට හා මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ඉහල දායකත්වයක් ලබා දිය හැකි බව පෙන්වා දුන් කාරක සභාව ඒ පිළිබඳව අදාළ පාර්ශ්ව නොපමාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.
චීන ජාතිකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන් සඳහා පැමිණීමේ පර්යන්තයෙන් ලබාදෙන වීසා පහසුකම් (on arrival visa facility) ලබා දීමේ හැකියාවත්, මැන්ඩරීන් භාෂාවෙන් මාර්ගගත ක්‍රමවේදයන් හරහා වීසා අයදුම්පත් ලබා දීමට ඇති හැකියාවත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. එම කරුණු පිළිබඳව වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙසටයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන්ට කාරක සභාවේ සහාපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. එයට අමතරව පසුගිය රැස්වීම් වාරවලදී එැළැඹි තීරණවල ප්‍රගතිය ද පිලිබඳව මෙහිදී සමාලෝචනයක් ද සිදු කෙරුණා.