27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රභූ ආරක්ෂාවට පොලිසියේ 7000ක් - ටිරාන්

ප්‍රභූ ආරක්ෂාවට පොලිසියේ 7000ක් – ටිරාන්

ප්‍රභූ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 7693 දෙනෙක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ජගත් කුමාර විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ අතරින් ඇමැතිවරු සඳහා 563 දෙනෙක්ද, මන්ත්‍රීවරු සඳහා 1811 දෙනෙකක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රභූන් වෙනුවෙන් නිලධාරීන් 2176 දෙනෙක්ද යොදවා සිටින බවයි.

විශ්‍රාමික ජනාධිපතිවරුන්, හිටපු මැතිඇමැතිවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරුන්, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු මහබැංකු අධිපති, විශ්‍රාමික පොලිස් නිලධාරීන් ඇතුළු කාණ්ඩ රැසක් මන්ත්‍රීවරුන් නොවන ප්‍රභූන් කාණ්ඩයට අයත් වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙරට සමස්ත පොලිස් නිලධාරීන් 86537ක් සිටින බවත් කාන්තා පොලිස් නිලධාරිනියන් 1085ක් සිටින බවත් සඳහන් කළේය.