26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙරහැරේදී විදුලිසැර වැදී දෙදෙනෙක් ජීවිතක්ෂයට

පෙරහැරේදී විදුලිසැර වැදී දෙදෙනෙක් ජීවිතක්ෂයට

පස්සර නමුණුකුල බුටාවත්ත ප්‍රදේශයේ දි අද (24) උදෑසන අධි ධාරිතාවයක් සහිත විදුල රැහැනක ගැටිමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 02 දෙදෙනෙක් මියගොස් තවත් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ බුටාවත්ත නමුණුකුල පදිංචි පි සෙල්වකුමාර (28), සහ පි.රමේෂ් (38) යන පුද්ගලයන් දෙදෙනා බවත් එම ප්‍රදේශයේම පදිංචි 39, 43 සහ 57 වියේ පසුවන තවත් තිදෙනෙකු පස්සර මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

අද උදැසන නමුණුකුල බුටාවත්ත ශ්‍රි සුබ්‍රමනියම් දේවාලයේ සිට පිටත් වූ රදම් පෙරහැරක් ප්‍රදේශයේ සංචාරය කොට නැවත දේවාලයට පැමිණෙමින් සිටියදි මාර්ගයට ඉහලින් ඇද තිබු අධි ධාරිතාවයක් සහිත විදුලි සම්ප්‍රේෂණය පද්ධතියේ විදුලි රැහැන් වල එම කරත්තය ගැටී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලදි අනාවරණය වු බවත් පොලිසිය පවසයි.

මියගිය අයවලුන් ගේ මෘතදේහයන් පස්සර මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර නමුණුකුල පොලිසිය මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.