31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsHIV ආසාදිතයින් 48% ක් දක්වා ඉහළට

HIV ආසාදිතයින් 48% ක් දක්වා ඉහළට

පසුගිය වසරේදී මෙරට HIV ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

ඔවුන් පවසන්නේ 2021 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී ආසාදිතයින් සියයට 48ක් දක්වා වර්ධනය වී ඇති බවයි.

වයස අවුරුදු 15ත් 49ත් අතර කාණ්ඩයට එච් අයි වී ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවත් මේ වනවිට මෙරට HIV ආසාදිතයින් 4,100ක් සිටින බවත් ඔවුන් සඳහන් කරයි.

එමෙන්ම කාන්තාවන්ට HIV ආසාදනය වීමේ අවදානම පහළ මට්ටමක පවතින අතර පුරුෂයින්ට HIV ආසාදනය වීමේ අවදානම 7ට 1ක අනුපාතයක් ගනු ලබයි.

2023 වසරේ මේ දක්වා වාර්තා වී ඇති HIV ආසාදිතයින් සංඛ්‍යාව 347කි.