― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsMTFE ඇතුළු ආයතන 09ක් තහනම්

MTFE ඇතුළු ආයතන 09ක් තහනම්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් MTFE සහ OnmaxDT ඇතුළු ආයතන 9ක් තහනම් කර තිබෙනවා.

මහ බැංකුව නිවේදනය කළේ පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි. මෙම තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් ඍජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, කලමණාකරණය හෝ මෙහෙයවීම සිදු කරන ඕනෑම අයෙකු සිදු කරනු ලබන්නේ දඩුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව පෙන්වා දෙනවා.

දැනට පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට තීරණය කර ඇති මෙම ආයතන සමග ශ්‍රී ලංකා මහ බැංකුව යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනවා.

මෙලෙස නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 (ඇ) වගන්තිය ටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි ද මහ බැංකුව අනාවරණ කළා.