28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඛණ්ඩව පානීය ජලය ලබාදීම සඳහා වැඩසටහනක්

අඛණ්ඩව පානීය ජලය ලබාදීම සඳහා වැඩසටහනක්

රට තුළ පවතින දැඩි නියඟය හමුවේ පානීය ජලය අත්‍යාවශ්‍ය හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා අඛණ්ඩ පානීය ජලය ලබාදීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් ද පිහිටුවා ඇත.

ජල සම්පාදන හා උද්‍යාන යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ගොඩනැගිලි පරිශ්‍රයේ පැවති රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ.

මේ අනුව ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, අභ්‍යන්තර කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන යන අමාත්‍යාංශ එක්ව ඒකාබද්ධ ව්‍යාපෘතිය සිදු කරනු ඇත.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා ඇති අතර ඉහත අමාත්‍යාංශ තුනේ ලේකම්වරුන් ඊට ඇතුළත්ය.

දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන ද මෙම කමිටුව සමඟ කටයුතු කරනු ඇත.