29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආසියානු කුසලානය අතරතුර අමතර ආදායමක් උපයා ගැනීමට අවස්ථාවක්

ආසියානු කුසලානය අතරතුර අමතර ආදායමක් උපයා ගැනීමට අවස්ථාවක්

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම තරග කිහිපයක් මෙරටදී පැවැත්වීමට මේ වනවිටත් තීරණය කර අවසන්.

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ තරගවලින් තරග තුනක් මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම තරග නැරඹීම සඳහා විශාල විදෙස් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය දැනුම් දෙනවා. මේ හේතුවෙන් එම සංචාරකයින්ට නවාතැන් පහසුකම් සැපයීමට මහනුවර ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව උදාකර දී ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ නිවෙස්වල ඇති අමතර කාමර එම සංචාරකයින් වෙනුවෙන් ලබාදී අමතර ආදායමක් උපයා ගැනීමට හැකියාව පවතිනවා.

මේ සඳහා කැමැත්තක් දක්වන මහනුවර ප්‍රදේශයේ නිවෙස් හිමියන් පහත උපදෙස් අනුගමනය කරන ලෙසයි දන්වා සිටින්නේ.