30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩුබායිහි රැඳී සිටි ගෘහ සේවිකාවන් පිරිසක් මෙරටට

ඩුබායිහි රැඳී සිටි ගෘහ සේවිකාවන් පිරිසක් මෙරටට

ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ හිරිහැරවලට මුහුණ දුන් 10 දෙනෙකු ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පිටත්කර යවන බව ඩුබායි රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර පැවසීය.

ඩුබායි රාජ්‍යයේදී හිරිහැරවලට මුහුණ දී මෙරටට පැමිණීමට නොහැකිව ගෘහ සේවිකාවන් 42ක් රැඳවුම් මධ්‍යස්ථානයක රැඳී සිටින අතර ඉන් පළමු කණ්ඩායම ලෙසයි මොවුන් 10 දෙනා මෙරටට නැවත එවනු ලබන්නේ.

ගුවන් ටිකට් පත් මිල අධික වීම හේතුවෙන් මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීම ප්‍රමාද වූ බවත් විශේෂ වට්ටමක් යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මෙම පිරිස දිවයිනට පිටත් කර යවන බවත් කොන්සල් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.