32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලංගම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

තලංගම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

තලංගම රොබට් ගුණවර්ධන මාවත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අද උදෑසන මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම පුද්ගලයාට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් තිබුණා. මියගොස් ඇත්තේ කොරාඹේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩි තැබීම පිස්තෝල ගිනි අවියකින් සිදු කර ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.