27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය විදුලි කාර්මික වර්ජනය අවසන්

දුම්රිය විදුලි කාර්මික වර්ජනය අවසන්

දුම්රිය විදුලි කාර්මිකයන් ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

අද (25) පෙරවරුවේදී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ඡාවේදී පැමිණි එකගතාවයට අනුවයි ඔවුන් වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර ඇත්තේ.

දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියක් මුලො කර ගනිමින් විදුලි කාර්මිකයන් පෙරේදා සිට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් ඊයේ පස්වරුවේ තැපැල් දුම්රිය 05ක් ඇතුළු ගමන්වාර 20 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාද වී ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.