31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportපාකිස්ථානයට කඩුලු 01ක තියුණු ජයක්

පාකිස්ථානයට කඩුලු 01ක තියුණු ජයක්

ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 01ක තියුණු ජයක් ලබා ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත්විය.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත්විය.

හම්බන්තොටදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 05ක් දැවී ලකුණු 300 ක් ලබා ගත්තේය.

ඇෆ්ගනිස්ථානයේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 227ක් වන අතර විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ රහමනුල්ලා ගුරුබාස් ලකුණු 151ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 49 යි පන්දු 05ක් අවසානයේදී කඩුලු 9ක් දැවී තිබියදී දකුණු 302 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

ඉමාම් උල්-හක් ලකුණු 91ක් සහ නායක බාබර් අසාම් ලකුණු 53ක් ලබා ගත්තේය.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (26) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.