― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබණ්ඩාරවෙල හෝටලයකදී කාන්තාවක් ඝාතනයේ සැකකරු සොයන්න පොලිසිය මහජන සහය පතයි

බණ්ඩාරවෙල හෝටලයකදී කාන්තාවක් ඝාතනයේ සැකකරු සොයන්න පොලිසිය මහජන සහය පතයි

ඊයේ (24) බණ්ඩාරවෙල ප්‍රදේශයේ හෝටලයකදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

කැලණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයා පෙරේදා හෝටලයට පැමිණ අදාළ කාන්තාව ඊයේ පෙරවරුවේ හෝටලයට ගෙන්වාගෙන ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම 40 හැවිරිදි කාන්තාව හෝටලයේ කාමරයක් තුළදී කපා කොටා ඝාතනය කර සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

ඊයේ සවස් වරුවේ සැකකරු හදිසියේ හෝටලයෙන් පිටව යාම හේතුවෙන් හෝටල් සේවකයන් සැකපිට කාමරය පරීක්ෂා කර බැලීමේදී කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇතැයි සඳහන්.

මෙම ඝාතනයට අදාළ සැකකරුගේ ඡායාරූපයක් පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් 071 8591523 / 071 8710108 / 071 8594033 ඔස්සේ දැනුම් දෙන ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.