― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමහනුවර පෙරහැරට විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර පෙරහැරට විශේෂ රථවාහන සැලැස්මක්

ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (25) රාත්‍රී සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

රාත්‍රී හත පසුවී මිනිත්තු දෙකට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර සමඟින් පිටත්වන ඇසළ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදු වනවා.

ඇසළ පෙරහැරේ සිව්වන කුඹල් පෙරහර ඊයේ (24) වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහර කරඬුව වැඩම කරවන ලද්දේ කැලණිය රජ මහ විහාරයට අයත් කණ්ඩුල ඇතු විසින්. එම ඇතු මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක පෙරහර කරඬුව වැඩම කරවන පළමු අවස්ථාව ද එයයි.

මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ඇසළ පෙරහැරෙහි ගමන් ගත් අතර දියවඩන නිලමේවරයා නියෝජනය කරමින් ඔහු ගමන් කළ පළමු අවස්ථාව ද එයයි.

පෙරහර නැරඹීම සඳහා අද දිනයේද විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගීව සිටි අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

පෙරහර ගමන් ගන්නා මාර්ගය දෙපස ගොඩනැගිලි සහ මහජනයා පරීක්ෂා කිරීම් ඇතුලුව ආරක්ෂිත වැඩසටහන් රැසක් ආරක්ෂක අංශවල මැදිහත්වීම මත මෙම කාලය තුළ සිදු කෙරෙනවා.

පොලිසිය සඳහන් කළේ රන්දෝලි පෙරහැර සඳහා විශාල ජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි. පසුගිය දිනවල සාර්ථක ආරක්ෂක ක්‍රමවේදයක් පොලිසිය ක්‍රියාත්මක කළ අතර පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව විශේෂ පරීක්ෂාවකට ලක් කිරීම ද ඊට අයත්.

අලි ඇතුන්ගේ සංවේදිභාවයට හානිවන අහිතකර කටයුතුවලින් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6000ක් රාජකාරිවල යොදවා ඇති අතර රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම පෙරහැර නැරඹීමට පැමිණීමේදී අනවශ්‍ය දෑ රැගෙන යාමෙන් වළකින ලෙසට ද දැනුම් දෙනවා.