― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට අපරාධකරුවන් තිදෙනෙක් බැංගලෝරයේදී අත්අඩංගුවට

මෙරට අපරාධකරුවන් තිදෙනෙක් බැංගලෝරයේදී අත්අඩංගුවට

මිනීමැරුම් 11කට සම්බන්ධ බව කියන, නීති විරෝධීව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික අපරාධකරුවන් 03ක් සහ ඔවුන්ට ආධාර උපකාර දී රැකවරණය සැපයූ ඉන්දියානුවෙක් ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (23) බැංගලෝර් යෙලහන්කා හි පිටිහි මහල් නිවසකදි අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලැබුණු තොරතුරක් මත මෙම මහල් නිවාසය වටලා කළ සෝදිසි කිරීමකදී ඔවුන් තිදෙනා නීති විරෝධී සංක්‍රමණියන් බව තහවුරු කරගෙන ඉන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

තහවුරු නොකළ මාධ්‍ය මුලින්ම වාර්තා කර තිබුණේ බැංගලෝරයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් අත් අඩංගුවට ගත් බවය.

එහෙත් දෙමළ කතාකිරීමට නොහැකි මෙම පුද්ගලයන් සම්බන්ධව කළ විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ ඔවුන් ගම්පහ, කඩුවෙල සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රි ලාංකික අපරාධ කරුවන් තිදෙනෙක් බවය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ පදිංචිකරුවෙක් වූ කසුන් කුමාර සන්ක, කඩුවෙල පදිංචිකරුවෙක් වූ අමිල නුවන් සහ කොළඹ පදිංචිකරුවෙක් වූ රංග ප්‍රසාද් බව මේ පිළිබඳ වාර්තා කරන ඉන්දීය මාධ්‍ය කියයි.

වයස අවුරුදු 30 සීමාවේ පසුවන මෙම පුද්ගලයින් තිදෙනාගෙන් අමිල නුවන්ට මිනීමැරුම් නඩු පහක්, කසුන් කුමාර සන්කට මිනීමැරුම් නඩු 04ක්, කොළඹ ප්‍රදේශයේ රංග ප්‍රසාද්ට මිනීමැරුම් නඩු 02ක් ඇති බව ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන අංශය හෙළිකරගෙන ඇත.

අගෝස්තු මස මුල් සතියේ ධීවර බෝට්ටුවකින් රාමේෂ්වරම හරහා ඉන්දියාවට රිංගාගත් මෙම අපරාධකරුවන් ගොඩබිම මාර්ගය ඔස්සේ බැංගලෝර් වෙත ළඟා වී ඇතැයි හෙළි වී තිබේ. නගරයේ ඔවුන්ට කුලියට ගත් මහල් නිවාසයක නවාතැන් ලබාදී ඇත්තේ මිනීමැරුම් චෝදනාවට ලක්ව දැන් ඇප මත නිදහස් වී සිටින 42 හැවිරිදි ජායි පරමේෂ් නැමැත්තා විසිනි.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් අත තිබී ජංගම දුරකථන 13ක්, ඇතුළු භාණ්ඩ 53ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. අපරාධකරුවෙකුට රැකවරණය ලබාදීම සහ සාපරාධී කුමන්ත්‍රණයකට සම්බන්ධවීම පිළිබඳ චෝදනා පිට මොවුන් තිදෙනාට රැකවරණය ලබාදුන් ජායි පරමේෂ් ද අත් අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය යෙලහන්කා පොලිස් ස්ථානයේ නඩුවක් ද පවරා ඇත. ඒකාබද්ධ පොලිස් කොමසාරිස් (අපරාධ) එස් ඩී ෂරණප්පා පවසා ඇත්තේ රාමේෂ්වරම් මාර්ගය හරහා නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා ශ්‍රී ලංකාවට වඩාත්ම අවශ්‍ය අපරාධකරුවන් විය හැකි බවය.

lankasara