22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවාණිජ බැංකුවල පොලී අනුපාතය අඩු කරන චක්‍රලේඛය අද

වාණිජ බැංකුවල පොලී අනුපාතය අඩු කරන චක්‍රලේඛය අද

වාණිජ බැංකු පොලී අනුපාතිකය අඩු කිරීම සඳහා වන චක්‍රලේඛය අද (25) නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යටියන්තොට නගරයේදී අද පැවති වැඩසටහකනික් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පැවති ආර්ථික වාතාවරණය හමුවේ ගණුදෙනුකරුවන් අධෛර්මත් කර උද්ධමනය පාලනය කිරීමේ අරමුණෙන් බැංකු පොලී අනුපාතිකය ඉහළ නැංවූ බවයි.

උද්ධමනය පහළ ගොස් ඇති බැවින් මහ බැංකුව විසින් අවස්ථා දෙකකදී බැංකු පොලී අනුපාතිකය පහළ දැමූව ද වාණිජ බැංකු ඒ අනුව කටයුතු නොකළ අතර මේ වතාවේ නව බැංකු පොලී අනුපාතික නීතියක් බවට පත් කරමින් අද නව චක්‍රලේඛය නිකුත් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව නව උකස් පොලී අනුපාතිකය 18%ක් ලෙසත්, බැංකු අයිරා පොලී අනුපාතිකය 23%ක්, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 28%ක් ආදී වශයෙන් පොලී අනුපාතිකයන් ක්‍රියාත්මක වන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.