කොළඹ දිස්ත්රික්කය වායු විමෝචන තත්ත්වයෙන් 70%ක් අහිතකර තත්ත්වයකට පත් වී ඇති බවත් එයට ප්රධාන ලෙසින් වාහනවලින් පිටවෙන දුම හේතු වී ඇති බවත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.
ඔහු මේ බව ප්රකාශ කළේ කොළඹ පැවති උත්සවයකදී රථවාහන පොලිස් නිලධාරීන් දැනුම්වත් කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී වාහන ධාවනය කරන අවස්ථාවලදී වායු විමෝචනය මැනීමේ ක්රමවේදයක් සකස් කරන බවයි.