32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළමා නිළියකගේ අසැබි වීඩියෝවක් සංසරණය කළ සිසුවෙක් අත්අඩංගුවට

ළමා නිළියකගේ අසැබි වීඩියෝවක් සංසරණය කළ සිසුවෙක් අත්අඩංගුවට

ළමා නිළියකගේ අඩ නිරුවත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර එය ප්‍රචලිත කළ බව කියන 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වින්දිත දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයා පසුගියදා (23) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වීඩියෝව වට්ස්ඇප් සමූහයක ප්‍රචාරය කළ බව පිරිමි ළමයා පොලීසිය හමුවේදී පිළිගෙන තිබේ.

කෙසේ වෙතත් සැකකරු වීඩියෝ පටය ලබා ගත් ආකාරය පිළිබඳ තොරතුරු හෙළි කර නැහැ. සැකකරු ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.