24.5 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

එඩේරමුල්ල සහ හොරපේ අතර ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද පස්වරුවේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය එම දුම්රියෙන් රාගම දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් තිබෙනවා.

ජිවිතක්ෂයට පත්වී ඇත්තේ හොරපේ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.