25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාර්ලිමේන්තු සේවිකාවන්ට කරදර කළ තවත් පිරිසකට වැඩ වරදී

පාර්ලිමේන්තු සේවිකාවන්ට කරදර කළ තවත් පිරිසකට වැඩ වරදී

පාර්ලිමේන්තු ගෘහ පාලනය අංශයේ ඇතැම් සේවිකාවන්ට හිංසන කළ සිද්ධියට සම්බන්ධව සේවකයන් තවත් පිරිසකට විනය ක්‍රියාමාර්ග ගෙන
තිබෙනවා.

පාර්ලිමේන්තු ප්‍රධානියෙක් පවසන්නේ මේ පිළිබඳව විශේෂ කමිටුවක් වාර්තාවක් ඉදිරි සතියේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලබාදීමට නියමිත
බවයි.

සිදුකළ විමර්ශන වල දී ලිංගික හිංසන කටයුතු වල උපකාර කළ පුද්ගලයින් කිහිපදෙනෙකු අනාවරණය වී තිබෙනවා.

ඔවුන් පිළිබඳව ඉදිරියේ දී ක්‍රියාමර්ග ගැනීමට නියමිත ඇති බව සඳහන් වෙනවා.

පාර්ලිමේන්තු මහලේකම්වරිය පවසන්නේ මෙවැනි කටයුතු පිළිබඳව වැළැක්වීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර, වගකිව යුත්තන්ට තරාතිරම නොබලා දැඩි ක්‍රියාමර්ග ගන්නා බවයි.