27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලී අනුපාත පහළට

පොලී අනුපාත පහළට

බැංකු සහ මූල්‍ය ආයතන සඳහා පොළී අනුපාත පවත්වාගෙන යාම පිළිබඳ චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති බව වාර්තා වනවා.

1949 අංක 58 දරණ මුදල් පනත යටතේ මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර, එමඟින් පොළී අනුපාත සම්බන්ධයෙන් ද නිර්නායක ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අනුව සාමාන්‍ය ණය පොළී අනුපාතය 13.5%ක මට්ටමේ පවත්වාගෙන යන ලෙසයි එමඟින් බැංකු සහ මූල්‍ය ආයතන වෙත දන්වා ඇත්තේ.

ඊට අමතරව උකස් පොළී අනුපාතය 18%ක් ලෙසත් ණයපත් පොළී අනුපාතය 28%ක මට්ටමේත් පවතවාගෙන යන ලෙසට උපදෙස් දී තිබෙනවා.

ඒ, අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොළී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමටයි මහ බැංකුව නියෝග කර ඇත්තේ.