― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරේගුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

රේගුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

නව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පත්කර තිබෙනවා.

ලබන සඳුදා (28) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්.

1989 වසරේ අගෝස්තු මස පළමුවනදා සහකාර රේගු අධිකාරීවරයෙකු වශයෙන් රේගු දෙපාර්තමේන්තුවේ සේවයට එක් වී ඇති සීවලී අරුක්ගොඩ මහතා මේ වනවිට අවුරුදු 34ක සේවා කාලයක් සපුරා තිබෙනවා.

රේගු නීතිය සහ ඒවායේ ක්‍රියාපටිපාටි පිළිබඳ හසල දැනුමක් ඇති ඔහු වර්තමානයේ සේවය කරනු ලබන්නේ රේගු මිල පිරික්සුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසටයි.

ගලගෙදර මිණිගමුව මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන සීවලී අරුක්ගොඩ මහතා එංගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිය සහ ශ්‍රී ජයවර්ධනපුර සහ ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයෙන් රේගු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ගෙන තිබෙනවා.

මේ වනවිට සීවලී අරුක්ගොඩ මහතා බෙල්ජියමේ ලෝක රේගු සංවිධානයේ වර ලත් විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස ද සේවය කරමින් සිටිනවා.