25 C
Colombo
Monday, October 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 61225ක්

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 61225ක්

වසරේ ගතවූ කාලසීමාව තුල ඩෙංගු රෝගීන් 61225ක් හමුවී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එමෙන්ම අද දිනය වන විට මරණ 38ක් ද වාර්තාවී ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවී ඇත්තේ ජුනි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 9916ක්.

මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 9696ක්, ජනවාරි මාසයේදී 8963ක්, අප්‍රේල් මාසයේදී 7617ක් සහ ජුලි මාසයේදී 7369ක් හඳුනාගෙන තිබෙනවා.

අගෝස්තු මාසයේ අද දිනය දක්වා වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4536ක්.

ගතවූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් තවමත් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 29965ක් වනවා.

අද දිනය වන විට කොළඹින් ආසාදිතයන් 13053ක්, ගම්පහින් 12963ක් සහ කළුතරින් 3949ක් වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 4976ක් හඳූනාගෙන තිබෙනවා.