― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසේතපොල කලපුවේ කාන්තා මළ සිරුරක්

සේතපොල කලපුවේ කාන්තා මළ සිරුරක්

නොරෝච්චෝල සේතපොල කලපුවේ තිබී අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ සිව්දරු මවකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද දහවල් මෙලෙස සොයාගෙන ඇත්තේ සේතපොල මාන්පූරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවකගේ සිරුරක්.

ඝාතනය කිරීමෙන් පසු කාන්තාවගේ සිරුර පුත්තලම කලපුවට අයත් සේතපොල ධීවර තොටුපල ආසන්නයේ මඩ සහිත ස්ථානයක සඟවා තිබියදී ධීවරයින් පිරිසක් දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.

මෙම කාන්තාවගේ හිසට තියුණු ආයුධ පහර දෙකක් එල්ල කර ඇති බවටයි මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

කිසියම් අයෙකු මෙම කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ඇය සතු රුපියල් 20000කට ආසන්න මුදලක්, ඇඳුම් සහ රන් මාලයක්, රන් මුදුවක්, ඖෂධ කිහිපයක් සහ කුඩා ලියුම් කැබැල්ලක් බෑගයක දමා සේතපොල තොටුපල ආසන්නයේ කඩොලාන කැලැවේ සඟවා තිබියදී පොලිසියට හමුවී තිබෙනවා.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම කාන්තාවට දියණියන් තුන් දෙනෙකු සහ එක් පුත්‍රයෙකු සිටින අතර ඔවුන් සියලුදෙනා විවාහ වීමෙන් පසු වෙන් වෙන්ව වාසය කරන බවයි.

මෙම කාන්තාවගේ සැමියා කාලයකට පෙර පෙර මිය ගොස් ඇති බව ද සඳහන්.

එමෙන්ම අබිරහස් ලෙස ඝාතනය වී ඇති මෙම කාන්තාව අනියම් ඇසුරු කිපයක්ම පවත්වාගෙන ගොස් ඇති බව ද පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබෙනවා.

මෙසේ අභිරහස් ලෙස ඝාතනයට ලක්වු කාන්තාව වැඩිමහල් දියණියගේ නිවසේ වාසය කර ඇති අතර ඇය සමග ඇතිවූ ආරවුලකින් පසු දෙවැනි දියණියගේ නිවසේ සිට ඇතැයි සඳහන්.

එසේ සිටියදී ඊයේ සවස සේදවත්ත දේවස්ථානයට ආගමික කටයුත්තකට යන බව පවසා ත්‍රී රෝද රථයක නැග පිටව ගිය බවයි දෙවන දියණිය ප්‍රකාශ කර ඇත්තේ.

එලෙස පිටව ගිය මෙම කාන්තාව දෙවන දියණියගේ නිවසේ සිට කිලෝමීටර් 10කට ආසන්න දුරකදී මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

මෙම කාන්තාව අවසන් වරට ගිය බව කියන ත්‍රී රෝද රථයේ රියදුරු නොරෝච්චෝල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය කුමන හේතුවක් මත සිදු වූවා ද යන්න හෝ කවුරුන් විසින් සිදු කළේ ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිකධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට නියෝග කර තිබෙනවා.