31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅස්වැසුම මුදල් හෙට සිට බැංකුවලට

අස්වැසුම මුදල් හෙට සිට බැංකුවලට

දැනට තේරීපත් වී ඇති ලක්ෂ 15 වන අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නිවැරදිව තොරතුරු තහවුරු කරගෙන ඇති ප්‍රතිලාභී පවුල් ලක්ෂ 08ක් සදහා අවශ්‍ය මුදල් සඳුදා දින මහා භාණ්ඩාගාරය මඟින් බැංකු වෙත බැර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, අනුව අඟහරුවාදා හෝ බදාදා වන විට අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත ජුලි මස වාරියක ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අනුරාධපුර ප්‍රදේශයේ අද (27) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ප්‍රතිලාභ ලැබීම සඳහා තේරීපත් ව එහෙත් බැංකු ගිණුම් ආරම්භ කිරීම ඇතුළු ගෙවීමට අදාළ මූලික අවශතා සපුරා නොමැති ප්‍රතිලාභි පවුල් ඒවා කඩිනමින් සපුරාලීමේ අවශ්‍යතාව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

දැනට ලැබී ඇති ලක්ෂ දහයක් පමණ වන අභියාචනා සහ එක් ලක්ෂ විසි දහසක් පමණ වන විරෝධතා සමාලෝචනය ආරම්භ වී ඇතැයි පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කටයුතු අවසන් වූ වහාම අදාළ ගෙවීම් සිදු කරන බවයි.

කිසියම් පවුල් ඒකකයක් සාවද්‍ය තොරතුරු ලබා දී ප්‍රතිලාභ ලබාගත හොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතර, ලබාගත් මුදල් නැවත අයකර ගැනීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.