25.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකඩුවක් රැගෙන පෙරහැර මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

කඩුවක් රැගෙන පෙරහැර මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

කඩුවක් රැගෙන පෙරහැර මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු මහනුවර ඇසළ පෙරහැර විශේෂ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) රාත්‍රියේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය අසළ දීයි. බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 27 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු අද (27) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව ඔහු සැප්තැම්බර් 05 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමටයි නියෝග කර ඇත්තේ.

බෑගයක් තුළ දමාගෙන සැකකරු මෙම කඩුව රැගෙනවිත් තිබිය දී සොයාගෙන ඇති අතර, කඩුව කුමක් සඳහා රැගෙන ආවේද යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දළඳා වහන්සේට පූජා කිරීම පිණිස එය මිතුරෙකු විසින් තමන්ට ලබාදුන් බව සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් 2016 වසරේ දී හෙරෝයින් මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාව අත්අඩංගුව ගෙන තිබෙන බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.