26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙහිවල වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

දෙහිවල වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

දෙහිවල ඕබන් පෙදෙස ක්‍රීඩාංගණය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 19 වනදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුයි වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණේ.

එහිදී ක්‍රීඩාංගණය අසල සිටි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර සිද්ධියට අදාළ සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව ඊයේ 26 දෙහිවල පොලිස් වසමේ සුමුදු මාවත ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අදාළ අපරාධයට පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයේ සගවාගෙන සිටි ජීව අත්බෝම්බයක් ද හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

33 හැවිරිදි සැකකරු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.