― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපිරමීඩ ජාවාරම්කරුවන්ට අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම්

පිරමීඩ ජාවාරම්කරුවන්ට අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම්

පිරමීඩ යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක් බවට මහ බැංකුව ඇතුලු බලධාරීන් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ 1988 වසරේ බැංකු පනත අනුව මෙම ව්‍යාපාර තහනම් කර ඇති බැවින් මෙවැනි ව්‍යාපාරවලට බලපාන්නේ අපරාධ නීතිය බවයි.

පිරමීඩ ජාවාරම්කරුවන් සිදු කර ඇත්තේ අපරාධයක් වන අතර එය බරපතල වංචාවක් ද වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙවැනි වංචනික ජාවාරම්වල නිරතවූ ආයතනයන් සහ සමාගම් සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට මහ බැංකුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් උපදෙස් ලබාගෙන ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ.

මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබියදීත් මාසිකව ලැබෙන වාසිය සලකා බලමින් මෙවැනි වංචනික ක්‍රියාවන්ට ජනතාව හසුවීම කණගාටුදායක තත්වයක් බව ඔහු සඳහන් කරනවා.

ලැබෙන වාසියට වඩා මෙවැනි ජාවාරමක ආයෝජනය කිරීමට ප්‍රථම එහි ඇති විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

කෙසේවෙතත් මහ බැංකුව මෙම ජාවාරම්වලට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.