― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබණ්ඩාරවෙල හෝටලයකදී තිදරු මව ඝාතනය කළ සැකකරු අල්ලයි

බණ්ඩාරවෙල හෝටලයකදී තිදරු මව ඝාතනය කළ සැකකරු අල්ලයි

බණ්ඩාරවෙල නගරයේ හෝටලයක කාමරයක් තුළ පසුගිය 24 වනදා තම බිරිඳ ඝාතනය කර පළාගොස් සිටි සැකකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (27) අලුයම බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලණිය ගෝනවල පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය 24 වනදා දින දහවල් හෝටල් කාමරය තුල තියුණු ආයුධයකින් පහර දිමෙන් ඝාතනයට ලක්ව තිබුණේ ඇටම්පිටිය කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තිදරු මවක්.

මේ සම්බන්ධයෙන් කරන ලද පරික්ෂණවලින් අනතුරුව සැකකරු හඳුනාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් සිටියදී ලැබුණු තොරතුරකට අනුවයි වස පානය කළ බව පවසමින් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට පත්වී ඇත්තේ.

ඒ අනුව බණ්ඩාරවෙල පොලිසියේ විශේෂ කණ්ඩායමක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් සැකකරු බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.