නව හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ විශ්‍රාමික යුධ හමුදා කෝප්රල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හසලක මහ අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වෙනවා.
අපයෝජනයට ලක් වූ නව හැවිරිදි දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර මෙම සම්බන්ධව ඉදිරි විමර්ශන හසලක පොලිසිය විසින්
සිදු කරන බව අප වාර්තාකරු පවසනවා.