― political ―

රනිල් රට භාර ගත් පසු හොරු නැති කළා – දුමින්ද

ගෑස් පෝලිම්වලට, විදුලි කප්පාදුවට, තෙල් පෝලිම්වලට හා ආර්ථික අර්බුදයට විසඳුම් ලැබුණේ රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තුවේ ජනාධිපති කරපු නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්...
HomeHot Newsමහනුවර නගරාශ්‍රිත පාසල්වලට දින තුනක් නිවාඩු

මහනුවර නගරාශ්‍රිත පාසල්වලට දින තුනක් නිවාඩු

මහනුවර නගරාශ්‍රිතව පිහිටි සියලුම පාසල්වලට හෙට (28) සහ අනිද්දා (29) සහ ලබන 31 වනදා යන දින තුනේ නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ තීරණය කර තිබෙනවා.

ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන් එම පාසල් වලට මෙලෙස නිවාඩු ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

පෙරහැර නැරඹීම සඳහා මේ වන විට මහනුවර නගරයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දෛනිකව පැමිණීම හේතුවෙන් නගරයේ පාසැල් වෙත පැමිණෙන සිසුන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි ආණ්ඩුකාරවරයා පැවසුවේ.

මේ අතර පෙරහැර සඳහා පැමිණෙන කලා ශිල්පීන්ට සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට නවාතැන් ලබාදීම සඳහා ද පාසල් කිහිපයට නිවාඩු ලබාදී ඇති අතර, සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ද මේ වන විට මහනුවර නගරයේ පාසල් කීපයකටම නිවාඩු ලබා දී තිබෙනවා.