28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherඅද දිස්ත්‍රික්ක 09කට දැඩි උණුසුම් කාලගුණයක්

අද දිස්ත්‍රික්ක 09කට දැඩි උණුසුම් කාලගුණයක්

අද (28) දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක 09ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අද දිනයේ සෙල්සියස් අංශක 39ත් 45ත් අතර වනු ඇති බවයි.

ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.