30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන නැවට ලංකාවට එන්න අවසර ලැබෙයි

චීන නැවට ලංකාවට එන්න අවසර ලැබෙයි

චීන නෞකාවක් වන ‘ෂී යෑන් 06’ පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දුන් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මෙම චීන නෞකාව සහ නාරා ආයතනය පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

එම නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය, නාරා ආයතනය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අවසර ඉල්ලා තිබූ බවත් එම ඉල්ලීම් පිළිබඳව අවදානකය යොමු කර අදාළ නෞකාවට අවසර දුන් බවත් ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

ඒ අනුව මෙම නෞකාව ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය.