27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඩිල්ෂාන් මදුසංකට ආසියානු කුසලානය අහිමි වෙයි

ඩිල්ෂාන් මදුසංකට ආසියානු කුසලානය අහිමි වෙයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භයට දින දෙකක් පමණක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් ආබාධිත ලැයිස්තුවට එක්ව තිබෙනවා.

වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංක මෙලෙස ආබාධයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුටද මෙවර ආසියානු කුසලාන තරගාවලිය අහිමිව යන බවයි වාර්තා වුණේ. මේ වනවිට කසුන් රාජිත, මතීෂ පතිරණ සහ ප්‍රමෝද් මධුෂාන් ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස තෝරාගෙන තිබෙනවා.

මේ අතර ඩිල්ෂාන්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන ස්ථානය පිරවීමට ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කෙරෙහි අවදානය යොමුව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නන් දෙදෙනෙක් වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරට ද ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ආසියානු කුසලානය අහිමිව යනවා.