28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපවුල් ලක්ෂ 08කට අද සිට අස්වැසුම ප්‍රතිලාභ

පවුල් ලක්ෂ 08කට අද සිට අස්වැසුම ප්‍රතිලාභ

අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 08ක් සදහා අවශ්‍ය මුදල් අද (28) දිනයේ දී මහා භාණ්ඩාගාරය මඟින් බැංකු වෙත බැර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඊයේ සඳහන් කළා.

ඒ අනුව එම මුදල් හෙට (29) හෝ අනිද්දා (30) දිනවල සිට ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට හැකියාව ලැබෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ප්‍රතිලාභ ලැබීම සඳහා තේරීපත්ව එහෙත් බැංකු ගිණුම් ආරම්භ කිරීම ඇතුළු ගෙවීමට අදාළ මුලික අවශතා සපුරා නොමැති ප්‍රතිලාභි පවුල් ඒවා කඩිනමින් සපුරාලීමේ අවශ්‍යතාව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අස්වැසුම සුබසාධක දීමනා ගෙවීමට පවුල් ලක්ෂ 20කට ප්‍රතිලාභ දීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත්, මේ වන විට අභියාචනා ලක්ෂ 10ක් ඉදිරිපත් ව ඇති බවත් විරෝධතා 120,000ක් ගොනු කර ඇති බවත් සිහිපත් කළා.

මේ අතර කිසියම් පවුල් ඒකකයක් සාවද්‍ය තොරතුරු ලබා දී ප්‍රතිලාභ ලබාගත හොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතර ලබාගත් මුදල් නැවත අයකර ගැනීමට පියවර ගැනීමට නියමිතයි.