― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsහොරෙන් රත්තරන් බිස්කට් ගෙනා ව්‍යාපාරිකයා අත්අඩංගුවට

හොරෙන් රත්තරන් බිස්කට් ගෙනා ව්‍යාපාරිකයා අත්අඩංගුවට

රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 14ක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් ඊයේ (27) කටුනායක ගුවන්තොටුපොළදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වත්තල, මාකොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්. මොහු ඊයේ (27) පස්වරුවේ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල් – 405 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම පුද්ගලයා රැගෙන විත් තිබූ ගමන් මළු පරික්ෂා කිරීමේ දී ඒවායේ සඟවා තිබූ කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 314ක් බරැති රන් බිස්කට් 14 ක් සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.