27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැලි අස්සේ තේක්ක දැව තොගයක් සඟවන් ගිය අයෙක් අත්අඩංගුවට

වැලි අස්සේ තේක්ක දැව තොගයක් සඟවන් ගිය අයෙක් අත්අඩංගුවට

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මීසාලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව ඉතා සූක්ෂමව වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක දැව ප්‍රවාහනය කරන ලද ටිපර්රථයක් සැකකරුවෙකු සමග ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැලි ටිපර් රථය කනගරායන් කුලම් ප්‍රදේශයේ සිට යාපනය දක්වා ධාවනය වී ඇති අතර මීසාලෙයි ප්‍රදේශයේ යොදවා ඇති පොලිස් මාර්ග බාධකයකදී මෙම ටිපර් රථය පොලීස් නිලධාරීන් නවතා ඇත.

පසුව වැලිටිපර් රථය පිළිබඳව සැක පහල වී සිදුකරන ලද සෝදිසියකදී වැලි වලට යටින් තේක්ක දැව ඇති බව අනාවරණය වීමෙන් පසුව ටිපර් රථය සමගින් එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

රියදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා අල්ලස් මුදලක්ද ලබාදීමට සැකකරු උත්සහ කොට ඇතත් එයද නොතකා පොලිස් නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.