29 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

අද මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

පෙරහැර මංගල්‍යය පසුගිය 21 වනදා ආරම්භ වූ අතර එය ලබන 31 වනදා දක්වා උත්කර්ෂවත් අන්දමින් ක්‍රියාත්මකයි. පොලිසිය සඳහන් කළේ මේ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් මෙන්ම විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කරන ඇති බවයි.

සිව්වන රන්දෝලි පෙරහැර අද රාත්‍රී 7.15ට යෙදෙන සුබ මොහොතින් දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී. එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළට ගමන් කර මාලිගාවට ගෙවැදීමට නියමිතයි.

එම කාලය තුල අදාළ මාර්ගයේ ගමන් කරන ජනතාවට විකල්ප මාර්ග යොදාගන්නා ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.