31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව ශ්‍රී ලංකාවේදී

එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව ශ්‍රී ලංකාවේදී

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව මෙරටදී පැවැත්වීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඊට අදාළව රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම සඳහා ඊයේ (28) අමාත්‍ය මණ්ඩලයටද යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතියද හිමිව ඇත.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මාසයේදී රටවල් 44ක නියෝජිතයින් 2000කට වැඩි පිරිසක් එකතුවෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.