32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉදිරිපත් කළ අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිත අතර අතුරු වන්දිය ලෙස ඩොලර් ලක්ෂ 890ක් සහ රුපියල් මිලියන 16ක මුදලක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඉල්ලා ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.