― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොළඹ - කටුනායක බස් වර්ජනය අවසන්

කොළඹ – කටුනායක බස් වර්ජනය අවසන්

කොටුව – කටුනායක අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් කර තිබේ.

ඊයේ (28) පස්වරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එළඹි එකඟතාවයට අනුව බස් රථ ධාවනය කිරීම අද (29) සිට යළි ආරම්භ කරන බවයි ගුවන්තොටුපොළ – කොටුව බස් රථ සේවක සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර කියා සිටියේ.

බස් රථ ධාවන මාර්ගයක් සංශෝධනය කිරීමට එරෙහිවයි ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ.

ලසන්ත අලගියවන්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අපි සාකච්ඡාවක් ආරම්භ කළා. ඒකෙදි එතුමා කිව්වා මේ මාර්ගය සම්බන්ධ ගැටලුව දින දෙකක් ඇතුළත විසඳලා දෙන්නම් කියලා. ඇමතිතුමා කියපු නිසා අපි ඒකට එකඟවුණා. නමුත් මගී ජනතාව ගොඩක් අතරමං වෙලා. ඒ නිසා අපි දැනට වර්ජනය අතහැරලා දාලා සුපුරුදු පරිදි දින දෙකක් දුවනවා. දින දෙකක් ඇතුළත ස්ථීර විසඳුමක් නැති වුණොත් මීටත් වඩා විශාල වැඩවර්ජනයකට යනවා.