29 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්තොටේදී ගමන් මල්ලක් සොරාගත් කතක් අත්අඩංගුවට

ගුවන්තොටේදී ගමන් මල්ලක් සොරාගත් කතක් අත්අඩංගුවට

කටාර් රාජ්‍යයේ සිට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මල්ල සොරාගත් කාන්තාවක මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම තැනැත්තිය මැදපෙරදිග රටවල් 5කට ඇතුළු වීම තහනම් කර තිබූ ගෘහ සේවිකාවක බවයි.

මැය කටාර් රාජ්‍යයේ ගෘහ සේවයට ගියද එරටින්ද පිටුවහල් කර තිබුණා.

අදාළ ගුවන් මගියා සහ මෙම කාන්තාව එකම යානයකින් පැමිණ තිබූ අතර එම අවස්ථාවේදී ඇය ගමන් මල්ල සොරකම් කර තිබෙනවා. ආරක්ෂිත කැමරා පරීක්ෂා කර සැකකාරිය සහ ගමන් මල්ල අත්අඩංගුවට ගැනුණා.

කෙසේ වෙතත් එහි තිබූ රුපියල් ලක්ෂ පහකට වඩා වටිනා රන් භාණ්ඩ ඒ වන විටත් උකස් කර තිබු බවයි පොලීසිය පැවසුවේ.