31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික රෝහලේදී මියගිය රෝගියාගේ ශරීර කොටස් විදෙස් රටකට

ජාතික රෝහලේදී මියගිය රෝගියාගේ ශරීර කොටස් විදෙස් රටකට

පසුගියදා කොළඹ ජාතික රෝහලේදී ‘කෝ ඇමොක්සි ක්ලේව්’ නැමැති ප්‍රතිජීවක එන්නත ලබාදීමෙන් අනතුරුව මියගිය රෝගියාගේ රුධිර සාම්පල සහ ශරීර කොටස් විදෙස් රටකට යවා පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ.

ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ කැපුම් තුවාල සහිතව වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ වයස අවුරුදු 50ක් වන රෝගියෙකි.