27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදැරියකට හදි කළ හිමිනමට 10 වසරක සිර දඬුවම්

දැරියකට හදි කළ හිමිනමට 10 වසරක සිර දඬුවම්

09 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ හිමිනමකට බරපතල වැඩ සහිත වසර දහයක සිර දඩුවමක් නියම කර තිබේ.

බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක ඉදිරියේ අද (29) මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් හා රුපියල් විසි දහසක දඩ මුදලක් ගෙවන ලෙසත් වන්දි හා දඩ මුදල් නොගෙව්න්නේ නම් තවත් මාස තිහක ලිහිල් සිර දඩුවම් ලබාදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම දැරියගේ පියා විසින් ඇය සහ මව දමා ගොස් ඇති අතර මව කුලී වැඩ කරමින් මේ දැරිය රැක බලාගෙන තිබේ.

මෙම දැරිය නැති බැරිකමට අදාළ විහාරස්ථානයේ වැඩපල කරමින් සිටියදී සැකකාර හිමි නම 2009 සැප්තැම්බර් මස 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මේ දැරියට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

වසර 14ක් මුළුල්ලේ මෙම නඩුව විභාග වූ අතර මෙලෙස බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වී ඇත්තේ ඇල්පිටිය උඩුවිල විවේක සේනාසනයේ වැඩසිටි හිමි නමකටයි.